සෞඛ්‍ය අමාත්‍යාංශ නව ලේකම් වැඩබාර ගනී

සෞඛ්‍ය අමාත්‍යාංශ නව ලේකම් වැඩබාර ගනීසෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කෙරුණු ජනක සුගතදාස මහතා අද (19) සිය තනතුරේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.
කොළඹ විශ්වවිද්‍යාලයේ කලා ගෞරව උපාධිධාරියෙකු වන හෙතෙම එම විශ්වවිද්‍යාලයේම ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගෙන ඇත. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු වන ජනක සුගතදාස මහතා මහාබ්‍රිතානයයේ මෙන්ඡෙස්ටර් විශ්වවිද්‍යාලයේ සහ ඇමරිකානු විශ්වවිද්‍යාලයක ද විවිධ පාඨමාලා හදාරා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top