2017න් පසු හානි වූ මුදල් නෝට්ටු මාරු කරන්න බැහැ – මහ බැංකුව

විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා මෙම වසරේ දෙසැම්බර් 31න් පසු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවීම් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙයි.
එවැනි පුරුවලින් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින ශ්‍රී ලංකා මහ බැංකුව එවැනි මුදල් නෝට්ටු තමන් සතුව ඇත්නම් බලපත්‍රලාභී වාණිජ බැංකු ශාඛාවන් සමඟ හුවමාරු කරගන්නා ලෙස ද ඉල්ලා සිටී.
ඒ අනුව දෙසැම්බර් 31න් පසු ව මුදල් නීති පනත යටතේ පනවන ලද අදාළ රෙගුලාසි ඊ (Regulation E) යටතේ සිතාමතා විකෘති කරන ලද හෝ වෙනස් කරන ලද හෝ හානි කරන ලස මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව භාරයේ රඳවා තබා ගන්නා අතර ඒ සඳහා කිසිඳු ගෙවීමක් සිදු නොකරයි. අදාළ කාලසීමාවෙන් අනතුරුව ද එවැනි ව්‍යවහාර මුදල් නෝට්ටු සන්තකයේ තබාගන්නන් හට එම මුදල් නෝට්ටුවල මුහුණත වටිනාකමට අදාළ අලාභය දැරීමට සිදු වේ.
ව්‍යවහාර මුදල් නෝට්ටු විකෘති කිරීම, වෙනස් කිරීම හෝ හානි කිරීම 1949 අංක 58දරන මුදල් නීති පනත යටතේ වරදක් වන අතර සිරගත කිරීම හෝ දඩ මුදලකට යටත් කිරීම හෝ එම දඬුවම් දෙකම ලබාදිය හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top