බැසිල්ගේ මල්වානේ ඉඩම සහ නිවස විකුණා මුදල් අධිකරණයට භාර දෙන්න නියෝග..

Basil Rajapaksa - බැසිල්මහත් ආන්දෝලනයකට ලක්වූ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මිලදී ගන්නා ලදැයි කියන මල්වාන ප්‍රදේශයේ අක්කර 16 ක ඉඩම සහ නිවස ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කරන්නැයි පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (14) නියෝග කර ඇත.

අදාළ ඉඩමේ ලියාපදිංචි හිමිකාරත්වය හිමි පුද්ගලයා එම හිමිකාරත්වයද ප්‍රතික්ෂේප කර ඇති අතර පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ මෙම දේපළ අලෙවි කිරීමෙන් ලබන මුදල් එම අධිකරණය භාරයට පත්කරන ලෙසයි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top