එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ලංකාවට අට වැනි ස්ථානයට..

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් වර්ගීකරණයේ අටවන ස්ථානය දක්වා පහත වැටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව ඇති බව වාර්තා වේ.

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් වීමෙන් පසු ලැබුනු ප්‍රථිපල අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට 08 වන ස්ථානය දක්වා පහත වැටීමට සිදුව අැති අතර අට වන ස්ථානයේ රැදී සිටි පාකිස්ථාන කණ්ඩායමට 06 වන ස්තානය දක්වා ඉහළට යාමට හැකිවී තිබේ.

ශ්‍රී ලංකාව අභිබවා 07 වන ස්ථානයට පැමිණීමට බංග්ලාදේශයට හැකිවී ඇති අතර ඉන්දියාව ශ්‍රේණිගත කිරීමේ තුන්වන ස්ථානය හිමිව ඇත්තේ පාකිස්ථානයෙන් ලද පරාජයත් සමගිනි. සුපුරුදු ලෙසම පළමු ස්ථානයේ රැදී සිටින්නේ දකුණු අප්‍රිකාව වන අතර ඔස්ට්‍රේලියාව දෙවන ස්ථානයේ තවමත් රැදී සිටියි. සිව් වන සහ පස් වන ස්ථානන්හි පිළිවෙළින් එංගලන්තයත් නවසීලන්තයත් රැදී සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top