චෝදනා ඔප්පු නොවූ අමාත්‍යරුවන් ගැන සම්බන්‍ධන් වගකීම භාර ගන්නේ නම් තීරණය සමාලෝචනය කරනවා – විග්නේෂ්වරන්

උතුරු පළාත් සභා අමාත්‍යවරුන් වන පි. ටෙනිස්වරන් සහ පි. සත්‍යලිංගම් සම්බන්‍ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා වගකීම භාර ගන්නේ නම්, තම තීරණය ගැන සමාලෝචනය කළ හැකි බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසා තිබේ.

චෝදනා ඔප්පු නොවූ උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් වන ටෙනිස්වරන් සහ සත්‍යලිංගම් යන දෙදෙනා සම්බන්‍ධයෙන් ගත් තීරණය නිවැරදි කරන්නැයි උතුරු මහ ඇමැතිවරයා වෙත දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා යැවූ ලිපියට පිළිතුරු දෙමින් මහ ඇමැතිවරයාා මේ බව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top