පෝද්දල ජයන්තගෙන් CIDයට පැමිණිල්ලක්

පසුගිය රජය සමයේ පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වද දී අත පය කඩා දැමීම ගැන විමර්ශනයක් ඉල්ලා මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කසිදු කර තිබේ.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අතුළු තවත් මාධ්‍ය සංවිධාන කිහිපයක් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි මෙසේ පැමිණිල්ල සිදු කර ඇත. පෝද්දල ජයන්ත මහතා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති වරයෙකි.

2009 ජූනි මාසයේ දී සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් අත පය කඩා මහ මඟ දමා සිටිය දී රෝහල් ගත කැරුණු ජයන්ත මහතා පසුව රට හැර ගියේය. ඔහුගේ හිස කෙස් සහ රැවුල කපා කටට ඔබා තිබිණි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමා ගෙන්වා “වෙන දේ බලා ගනින්” කියා තර්ජනය කළ බවත් ඊට ටික දිනකට පසු සුදු වෑන්රියකින් පැහැරගෙන ගොස් අතපය කඩා දැමූ බවත් තමා පැහැර ගැනීමට රාජපක්ෂ රෙජීමය වග කිව යුතු බවත් ජයන්ත මහතා 2015 දී මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top