බස් ගාස්තුව පිළිබඳව අද කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරයි..

ජූලි 01 සිට සිදුකිරීමට නියමිත බස් ගාස්තු සංශෝධනය පිළිබදව අද (20) කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

බස් ගාස්තු සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

බස් ගාස්තු සංශෝධන ජාතික ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි පළමුවැනිදා ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට අනුමැතිය ලැබී ඇති අතර මෙවර එය 6%ක උපරිමයකට යටත්ව සංශෝධනය වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ඇතැම් බස් සංගම් පෙන්වා දෙයි. බොහෝ බස් සංගම් පවසන්නේ බස්ගාස්තු සංශෝදනය අනුව 10%ක ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top