විග්නේශ්වරන් ගැන තීරණ ලිඛිතව දැනුම් දුන්නේ නෑ-රෙජිනොල්ඩ් කුරේ

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා ගනු ලැබූ තීරණ මෙතෙක් ලිඛිතව තමන්ට දැනුම් දී නොමැති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් සම්බන්ධන් මහතා දුරකතනයෙන් දැනුම් දීමක් සිදු කර තිබුණද ලිඛිතව මේ වන තෙක් දැනුම් දී නොමැති බව රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසුවේය.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව පසුගියදා පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකු විසින් පලාත් ආණ්ඩුකාරවරයාට විශ්වාසංභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.

කෙසේවෙතත් පළවූ එකඟතාවලට අනුව අදාළ විශ්වාසංභංග යෝජනාව ඉවත් කර ගැනීමට සම්බන්ධන් මහතා තීරණය කළ බව සඳහන්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top