විපතට පත් ජනතාවට සහන සැලසීමට බංග්ලාදේශයෙන් මූල්‍යාධාර

ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට බංග්ලාදේශයේ මූල්‍යාධාර ජනපතිටආපදාවෙන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් සහන සැලසීමට බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මියගේ පොරොන්දුව මත ලබාදුන් මුල්‍යාධාර නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
බංග්ලාදේශ මහකොමසාරිස් රියාස් හමිදුල්ලා මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.
රටේ ව්‍යසන තත්ත්වයක් පවතින අතරතුර වුවද අසල්වාසී මිත්‍ර රාජ්‍යයන් වෙනුවෙන් බංග්ලාදේශය ලබාදෙන සහයෝගය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා එය ද්විපාර්ශවික සබඳතාවල සුවිශේෂී ලක්ෂණයක් බව ද කියා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top