මුලන්කාවිල් පොලිස් ස්ථානය ජනතාව වටලයි..

මුලන්කාවිල් පොලිස් ස්ථානය වටලා ජනතාව විසින් විරෝධතාවක් පවත්වා තිබේ. පසුගිය 17 වනදා රාත්‍රී මුලන්කාවිල් කරියාලයි නාකපඩුවාන් දේවස්ථානයේ පැවැති උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව නිවසට පැමිණෙමින් සිටින 13 හැවිරිදි අ. අභිනේෂ් නැමැති දරුවෙකුව මන්නාරමේ සිට පැමිණි මෝටාර් රථයක් හප්පා පලාගොස් තිබුණි.

අනතුරින් බරපතල තුවාල ලැබූ දරුවා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඊයේ සවස මිය ගොස් තිබේ. ඉකුත් අනතුර සම්බන්‍ධයෙන් ඥාතීන් විසින් මුලන්කාවිල් පොලීසියට පැමිණිළි කර තිබූ අතර, වැටී තිබූ පලාගිය මෝටර් රථයේ අංක තහඩුවක්ද පොලීසියට ලබාදී තිබුණි. කෙසේ නමුත් පොලීසිය විසින් සිද්ධිය සම්බන්‍ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් එයට විරෝධය පළකරමින් ආගමික නායකයන්, සිවිල් සංවිධාන සහ ප්‍රදේශවාසීන් එක්වී මුලන්කාවිල් පොලිස් ස්ථානය වටලා සිය විරෝධය පළ කළහ.

අනතුරුව එම ස්ථානය පැමිණි නියෝජ්‍ය පොලිස් අධ්‍යක්‍ෂකවරයා, සැකකරුවන්ව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ කටයුතු පවත්වාගෙන යන බවත්, අද හෝ හෙට දින සැකකරුවා අත්අඩංගුවට ගන්නා බවට සහතිකවීමෙන් අනතුරුව විරෝධතාකරුවන් විසිර ගියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top