වෛද්‍ය වර්ජනය අවසන්

වෛද්‍යවරුන් දින දෙකක් පවත්වාගෙන ගිය වෛද්‍ය වැඩ වර්ජනය අවසන් කර තිබේ. සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අද (24) පැවැති සාකච්ඡාවේදී සයිටම් අර්බුදය සම්බන්ධයෙන් එකඟතා 4කට පැමිණීමෙන් පසු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

විශ්ව විද්‍යාල සිසුන්ට කොළඹ සෞඛ්‍ය අමාතයංශ පරිශ්‍රයේදී 21 වනිදා එල්ල කළ පොලිස් ප්‍රහාරයට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රටපුරා වෛද්‍ය වර්ජනයක් ආරම්භ කළේය. තුන්වන දිනටත් වෛද්‍ය වර්ජනය අද දින ක්‍රියාත්මක කර තිබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top