බුද්ධ ශාසනයට හා භික්‍ෂුන්ට එල්ලවන තර්ජන සම්බන්‍ධයෙන් රජය දැනුවත් කිරීමේ අරමුණින් සංඝ කතිකාවක් පැවැත්වීමට තෛරනිකායික මහා සංඝරත්නය කටයුතු කරමින් සිටිති. මේ සම්බන්‍ධයෙන් මූලික සාකච්ඡාව පසුගිය බ්‍රහස්පතින්දා දින අමරපුර සංඝ සභාවේ මහ නායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස ධර්මපාලාරාමයේදී පවත්වා ඇති බව වාර්තාවේ.