ඉදිරි දින දෙක තුළ වැසි සහිත කාලගුණ තත්වයක්

සක්‍රියව පවතින නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන්  ලබන 27 වැනි දා දක්වා දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෑගල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලට මෙම දින කිහිපය තුළ වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතී. දිවයිනේ උතුරු අර්ධයේ සහ ඌව පළාතේත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී.50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථානවල, විශේෂයෙන් කෑගල්ල, රත්නපුර, කළුතර, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල (මි.මි. 50ටවැඩි) තරමක තද වැසි බලාපොරොත්තු විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවලද ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top