“නිල් ආර්ථික” වැඩපිළිවෙළට ඉතාලියේ සහ ඉන්දියාවේ සමාගම් දෙකක සහාය

0352c877fa2b9ad266c1cefb1f0c8b3f_xlධීවර කර්මාන්තය ආශ්‍රිත සමුද්‍රීය සංචාරක කර්මාන්තය සඳහා සහය වීමට ලෝක ප්‍රකට සමාගම් දෙකක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වෙත එකඟත්වය පළ කර තිබේ.

ඉතාලියේ සහ ඉන්දියාවේ පිහිටි මෙම සමාගම් දෙකේ හිමිකරුවන් රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.

යෝජිත නිල් ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙම ආයෝජකයින් වෙත සවිස්තරාත්මකව රාජ්‍ය අමාත්‍යවරයා විසින් පැහැදිලි කර දුන් පසු මෙම නිල් ආර්ථික වැඩපිළිවෙළට පූර්ණ සහාය ලබා දෙන බව ඔවුන් සඳහන් කළහ.

මෙම වැඩපිළිවෙළ දකුණු පළාතේ තංගල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙන අතර එම ප්‍රදේශ නිරීක්ෂණය සඳහා එක්වන ලෙසට රාජ්‍ය අමාත්‍යවරයා ආයෝජකයන් වෙත ආරාධනා කර සිටියේය.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top