ගෞරවණීය මහා සංඝරත්නය අපහාසයට ලක් කිරීම කිසිසේත් අනුමත කරන්න බැහැ – ජනපති

පසුගිය දින කිහිපයක සිට මහා සංඝරත්නයට අපහාස වන ආකාරයෙන් ඇතැම් සමාජ වෙබ් අඩවි පුවත් පළ කරමින් සිටින අතර මෙලෙස සමාජ වෙබ් අඩවි හරහා රටේ ගෞරවණීය මහා සංඝරතත්නය අපහාසයට සහ අගෞරවයට ලක් කිරීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ඒ පිළිබඳ දැඩි කණගාටුව පළ කරන අතරම එය වත්මන් සමාජය තුළ සිදුව ඇති දැවැන්ත පරිහානියක් ලෙස තමා සළකන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

නවීන තාක්ෂණය භාවිතා කළ යුත්තේ සමාජ ප‍්‍රගමනයට මිස කිසිසේත්ම සමාජයේ අයහපතට හෝ රට නොසන්සුන් කිරීමට නොවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපතිගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සදහන් කළේ ඊයේ (26) පස්වරුවේ කළුතර බෝධි පරිශ‍්‍රයේ පැවති ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය අමතමිනි. නවීන තාක්ෂණයත් සමග දිනෙන් දින පිරිහෙමින් පවතින සමාජය සන්සුන් කළ හැක්කේ බෞද්ධ දර්ශනය සමග බවද මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා සමාජ ගැටළු බොහොමයකට බෞද්ධ දර්ශනය තුළ විසඳුම්තිබෙන බව ද කියා සිටියේය.

එමෙන්ම සියලු ජන කොටස් අතර සාමය සහ සංහිඳියාව ගොඩනගමින් සසියලු  ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත්වන සන්සුන්, සාමකාමී සමාජයක් ගොඩනැගීමට මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමිකනායකයින් පෙරමුණ ගතයුතු බවද ජනාධිපතිතුමා සදහන් කළේ ය.

ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ දෙවිස්සක්වූ පාර්ශ්වයන්හි ගරුතර මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් අද සිට ජූලි 03 වනදා දක්වා කළුතර කළුගගේ උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදා විනය කර්මයසිදු කළේ ය.

අමරපුර නිකාය පිළිබඳ ශාස්ත්‍රීය ග‍්‍රන්ථය ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. පාර්ලිමේන්තුවව අසල පිහිටි පර්චස් 98 ක ඉඩම අමරපුර මහා නිකාය වෙත පූජා කිරීමට අදාළ ඔප්පුව ද ජනාධිපතිතුමා අතින් මහානායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමින් වහන්සේ වෙත පූජා කරනු ලැබීය.

ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමින්වහන්සේ, ශී‍්‍ර ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පූජ්‍ය දෙඩම්පහල චන්ද්‍රසිරි නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍ය විජයදාස රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා යන මහත්වරුන් ඇතළු පිරිසක් සහ ප‍්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top