මාලිංගට විනය පරීක්ෂණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ශ්‍රේෂ්ඨ ක්‍රීඩක ලසිත් මාලිංගට එරෙහිව. විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා පවතින ගිවිසුම් කඩ කරමින් මාධ්‍යයට අදහස් දක්වා මතභේදාත්මක කරුණු ප්‍රකාශ කිරීම සම්බන්‍ධයෙන් ඔහුට එරෙහිව විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

අදාළ විනය කමිටුවේ සභාපති ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පත්කර ඇති අතර, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා හා නීතිවේදී අසේල රේවක යන අය එහි සෙසු සාමාජිකයන්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top