ඖෂධ වර්ග 47ක මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය ඉදිරි සතිය තුළ ප්‍රකාශයට

medicineඖෂධ වර්ග 47ක මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා තිබේ.

දියවැඩියා, අධික රුධිර පීඩනය මෙන්ම අත්‍යවශ්‍ය රෝග රැසක් සදහා භාවිතා කරනු ලබන ඖෂධ වර්ග 47 ක මිල අඩු කිරීම වෙනුවෙන් අදාළ වන ගැසට් පත්‍රය මෙලෙස නිකුත් කිරීමට නියමිත බව පැවැසේ.

අදාළ මිල සූත්‍රය ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සකස් කර ඇති අතර ඒ සදහා මහාපරිමාණ සහ සුළු පරිමාණ ඖෂධ සමාගම් විසින් ආනයනය කරනු ලබන ඖෂධයන්හි මිල ගණන් සැලකිල්ලට ගෙන ඇති බවද වාර්තාවේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සහ ඖෂද ආයතන ප්‍රධානීන් අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top