රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධිය – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

රතු පස්වල සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන සහ සෙසු සැකකරුවන් තුන්දෙනා ලබන මස 12වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ රතුපස්වල සිද්ධියට අදාළ නඩුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේ දීයි.

වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ දී පානීය ජලය ඉල්ලා පැවැත්වූ උද්ඝෝෂණයට එල්ල වූ ප්‍රහාරයෙන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. 33 දෙනෙකු තුවාල ලැබුවා. එම සිද්ධියට අදාළ නඩුව ගම්පහ මහේස්ත්‍රාත් රුවන් පතිරණ මහතා ඉදිරියේ අද යළි කැඳවනු ලැබුවා. යුද හමුදාව භාවිත කළ ගිනි අවි 40ක් රස පරීක්ෂණ වාර්තා සඳහා යවා ඇති බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා. එම වාර්තා ලැබුණු වහාම අධිකරණයට ඉදිරිපත්කරන බවයි රහස් පොලීසිය කියාසිටියේ. එම වාර්තා ප්‍රමාදවන හේතුව මහේස්ත්‍රාත්වරයා විමසා සිටියා. රතු පස්වල සිද්ධිය සම්බන්ධ නඩු කටයුතුවලට බාධාවන අයුරින් පුවත්පත් වාර්තාවක් පළකළ මාධ්‍යවේදියා අධිකරණ නියෝග මත අධිකරණය හමුවේ පෙනී සිටියා. මින්පසු එවැනි වාර්තා පළකිරීමෙන් වළකින ලෙසයි මහේස්ත්‍රාත්වරයා ඔහුට අවවාද කළේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top