අල්ලස් වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිළධාරින් සම්බන්ධව ගනු ලබන විනය ක්රියාමාර්ග මින් ඉදිරියට පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් පමණක් පැවැත්වීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පෙන්වා දෙන්නේ ඊයේ දිනයේ සිට මෙම නියෝගය ක්රියාත්මක බවයි.
යම් පොලිස් නිළධාරියෙකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවලදී අදාළ නිළධාරියාට එරෙහි අධිකරණ ක්රියාමාර්ගවලට එරෙහිව ගනු ලබන විනය ක්රියාමාර්ගවල ප්රමාදයන් පැවති බව පොලිස් මුලස්ථානය පවසයි.
එම විනය ක්රියාමාර්ග සඳහා මුලින් පරීක්ෂණ පවත්වනු ලැබූවේ එම නිළධාරියා අනුයුක්ත පොලිස් ස්ථානය හෝ ඒකකය අධීක්ෂණය කරන සහකාර පොලිස් අධිකාරි හෝ ඊට ඉහළ නිළධාරියෙකු මගිනි.
එහිදී සිදු වන ඉහත ප්රමාදයන් වැළැක්වීම සහ කඩිනමින් විනිවිද භාවයකින් යුතුව එම නිළධාරියට එරෙහි විනය ක්රියාමාර්ග ගැනීම සඳහා මෙම නව ක්රියාමාර්ගය ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පෙන්වාදෙයි.
ඒ අනුව අල්ලස් හෝ දුෂණ වරදක් සම්බන්ධයෙන් එම කොමිසම මගින් පොලිස් නිළධාරින් අත්අඩංගුවට ගත්විට පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් අදාළ නිළධාරියට එරෙහිව විනයානූකුලව සටහන් කිරීම සඳහා මූලික පරීක්ෂණ පවත්වන අතර ප්රාදේශිය මට්ටමේ නිළධාරින් විසින් එම පරීක්ෂණ සිදු නොකරන බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් පවසයි.
– lankaevoice
– Global Tamil News : Sinhala