සුදුසු ව්‍යාපෘති ඉදිරිපත් කළේ නම් උතුරේ සංවර්ධනයට සහය ලබා දෙනවා – ඉන්දිය මහකොමසාරිස්

අද දින යාපනයේ සංචාරයක නිරතවූ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිනිග් සන්ධු මහතා උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා හමුවී සාකච්ඡා කළේය.

සුදුසු ව්‍යාපෘති ඉදිරිපත් කරන්නේ නම් උතුරේ සංවර්ධනය කටයුතුවලට සහයෝගය ලබා දෙන බව ඉන්දිය මහකොමසාරිස්වරයා සහතික වූ බව සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් මහ ඇමැතිවරයා පවසා සිටියේය.

උතුරේ සංවර්ධනය, පලාලි ගුවන් තොටුපොල, මයිලිඩ්ඩි වරාය, කාන්ගසන්තුරයි වරාය, සහ මන්නාරම හරහා දනුෂ්කෝඩි දක්වා වූ ප්‍රවාහනය ඇතුළු කරුණු රැසක් සම්බන්‍ධයෙන් සාකච්ඡා කළ බවද හෙතෙම පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top