හිටපු පොලිස් නිලධාරීන් 5කට මරණ දඬුවම

පානදුර පොලීසියේ හිටපු පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට පානදුර මහාධිකරණයෙන් ඊයේ (30) දින මරණ දඬුවම නියම විය.

ඒ, පුද්ගල ඝාතන චෝදනාවකට වරදකරුවන් වීම හේතුවෙනි.

අදාළ තීන්දුව ලබා දුන්නේ, මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය යි.

1990 වසරේදී කොල්ලකෑම් චෝදනාවක් මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවියක් පත්තු වීමෙන් එම සැකකරු මිය ගොස් තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top