ආණ්ඩු වෙනසකින් පසු කිසිවක් සිඳු නොවූ බව කියන්න බැහැ – සුමන්දිරන්

අලුතින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජිත ආණ්ඩුක්‍රම ව්යවස්ථාව දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ලෙස තිබෙනු ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පවසයි.

අද (01) දින යාපනයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේය.

රජයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තමන් සහයෝගය ලබාදී ඇති බවත්, ආණ්ඩු වෙනසකින් පසු කිසිවකු සිඳු නොවූ බවට පැවැසිය නොහැකි අතර, කරුණු රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද හෙතෙම පැවැසීය.

ජනතාවගේ ඉඩම් නිදහස් කරමින් සිටින අතර, සිරකරුවන් සියයට 3.2ක් නිදහස් කර තිබේ. අතුරුදන්වූවන්ගේ පනත් ද ක්‍රියාත්මක කර තිබේ. දෙමළ ජනතාවගේ ප්‍රධාන ගැටළුවලට දේශපාලනික වශයෙන් විසඳුම් ලබාදිය යුතු බවත්, ඒ සඳහා රටේ නීතිය, සමාජ ගිවුසුම් වෙනස් කළ යුතු හෙයින් එය සඳහා තමන් සහයෝගය ලබා දෙන බව හෙතෙම පවසා සිටියේය.

ප්‍රධාන පක්‍ෂ දෙකම එක්වී ජාතික රජයක් පිහිටුවා තිබෙන අවස්ථාවක එය කඩාකප්පල් කිරීමට උත්සහ කිරීම අනුවණ ක්‍රියාවක් බව සුමන්දිරන් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top