තාජුඩීන් ඝාතන සිද්ධිය : ආනන්ද සමරසේකරට වෛද්‍ය සභාවෙන් මාස 6ක තහනමක්

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ අස්ථි කොටස් අස්ථානගතවීම සම්බන්ධයෙන් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා වරදකරුවකු වන බවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීන්දු කර ඇත.

ඒ අනුව ආනන්ද සමරසේකර මාස 06ක කාලයක් සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ( SLMC) ලියාපදිංචියෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථානගතවීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් විශේෂ පරීක්ෂණයක් සිදුකරනු ලබයි.

කරුණු පහක් යටතේ අදාළ පරීක්ෂණය සිදුකර ඇති අතර ඉන් කරුණු තුනකට වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා වරදකරු වී ඇති බව වාර්තා වෙයි.

මෙම චෝදනාවට අදාළව තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් වෛද්‍ය ආනන්ද සමරසේකර අධිකරණය වෙත පෙත්සමක්ද ඉදිරිපත් කරද තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top