ඉන්දුනීසියාවේ හෙලිකොප්ටරයක් අනතුරකට ලක්වීමෙන් අට දෙනෙකු ජීවිතක්‍ෂයට

ඉන්දුනීසියාවේදී හෙලිකොප්ටරයක් අනතුරට ලක්වීමෙන් 08දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ගිනි කන්දක් සක්‍රීයවීමෙන් විපතට පත් පුද්ගලයින් බේරා ගැනීම සදහා පිටත්ව ගිය හෙලිකොප්ටර් යානයකුයි මෙසේ අනතුරට ලක්ව තිබෙන්නේ. මියගිය පුද්ගලයන් සියලු දෙනා හදිසි සේවයට අයත් පුද්ගලයින් වෙනවා.

ඉන්දුනීසියාවේ ඩියැංග් ප්‍රදේශයේ ගිනි කන්දකුයි මෙසේ සක්‍රීය වී ඇත්තේ. එම ගිනි කන්ද ආශ්‍රිත ප්‍රදේශය විදේශ සංචාරකයින් බහුල ප්‍රදේශයක් වන අතර විදේශීය සංචාරකයින් පිරිසක් බේරා ගැනීම සදහායි හෙලිකොප්ටරය පිටත්ව ගොස් ඇත්තේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top