අගරදගුරු විසින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත ඉල්ලීමක්!

හෙටට නියමිත වැඩ වර්ජනය කල් දමන්නැයි කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා තිබේ.

අද (4) දින පෙරවරුවේ කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

මාරාන්තික ඩෙංගු රෝග ව්‍යාප්තිය නිසා මේ වන විට රට මුහුණ දී ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් හෙට ආරම්භ කිරීමට සූදානම් කර ඇති අඛණ්ඩ වර්ජනය අත්හිටුවා දැමීමට කටයුතු කරන හිමිපාණන් වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top