ශ්‍රී ලාංකික සරණාගතයකු කාම්බෝජයේ පදිංචිවීමට කැමැත්ත පළ කරයි..

cambodiaශ්‍රී ලාංකික සරණාගතයකු කාම්බෝජයේ පදිංචිවීමට කැමැත්ත පළ කර තිබේ. බෝට්ටු මඟින් ඔස්ට්‍රෙලියාවට ගොස් එහි සිට නව්රු දූපත්වල තාවකාලිකව රඳවා තබා සිටි මෙම ශ්‍රී ලාංකික සරණාගතයා ඇතුළු සරණාගතයන් පිරිසක් සිය කැමැත්තෙන් කාම්බෝජයේ පදිංචියට යෑමට එකඟත්වය පළ කර තිබේ.

වසර දෙකකට පෙර ඔස්ට්‍රෙලියාව කාම්බෝජය සමඟ ඩොලර් මිලියන 55ක මතභේදාත්මක ගිවිසුමක් අත්සන් කර තිබුණි. ශ්‍රී ලංකාව, ඇෆ්ගැනිස්ථානය සහ පාකිස්ථාන ජාතිකයන් මෙලෙස කාම්බෝජයේ පදිංචියට යෑමට කැමැත්ත පළ කර තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top