යුද හමුදාවේ මුලිකත්වයෙන් ඩෙංගු මර්ධන විශේෂ වැඩසටහනක්

යුද හමුදාවේ මුලිකත්වයෙන් ඩෙංගු මර්ධන විශේෂ වැඩසටහනක්දිවයින පුරා ක්‍රියාත්මක කරන විශේෂ ඩෙංගු මර්ධන වැඩපිළිවෙළට අමතරව තවත් වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කොළඹ 13 සුගතදාස ක්‍රීඩාංගණය අසල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී පසුගිය දා ආරම්භ කොට ඇත.

ඒ අනුව මෙම වැඩපිළිවෙළ තුළින් කොළඹ අවට ඇති ඩෙංගු උවඳුරට තදින් ම ලක්වු ප්‍රදේශ ඉලක්ක කරගනිමින් පුරා සතියක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මෙම වැඩසටහන 08දා දක්වා ක්‍රියාත්මක වන අතර මේ සඳහා යුද හමුදා සාමාජිකයන් 200ක්, පොලිස් සාමාජිකයන් 25ක් සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 25 ක් ඇතුලත් වේ.

මොවුන් ඩෙංගු අවධානමෙන් පීඩාවට පත් කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්වල වෙන් වෙන් වශයෙන් ඩෙංගු මඳුරුවන් බෝවන ස්ථාන සහ අනෙකුත් අවදානම් ස්ථාන සොයා බලා විනාශ කරදැමීමට කටයුතු කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top