මුතුරාජවෙල අභය භූමියට කැළි කසළ බැහැර කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ලබන 20 වනදා තෙක් මෙම අතුරු තහනම ක්‍රියාත්මක බවයි ශ්‍රේෂ්ඨාධිකරණය පවසන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ මුතුරාජවෙල අභය භූමිය අවට ප්‍රදේශවාසීන් 35 දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි.