මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර මෙනවියගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයාට කොළඹ මහාධිකරණය විසින් අද (5) දින මරණ දඬුවම නියම කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ඉදිරියේ නඩුව විභාගයට ගත් අතර, ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පෙදරේරුවරයෙකුට මෙලෙස මරණ දඬුවම නියම කළේය.
2014 පෙබරවාරි 2 වන දින මෙල් ගුණසේකර මෙනවිය බත්තරමුල්ල, සුභූතිපුර ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේදී ඝාතනය ලක් වූවා ය. ඇගේ නිවසට රහසිගතව ඇතුළු වූ ඝාතනකරු තියුණු ආයුධවලින් ඇණ ඇය ඝාතනය කර තිබුණි.
මිය යන මිට 40 වන වියේ පසු වූ මෙල් ගුණසේකර මෙනවිය සන්ඩේ ටයිම්ස්, ලංකා බිස්නස් ඔන්ලයින් වැනි මාධ්‍යවල සේවය කර තිබිණි. 2012 දක්වා වසර 5ක පමණ කාලයක් ප්‍රංශ පුවත් සේවයේ සේවය කළ ඇය අනතුරුව නිදහස් මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළා ය.