උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනපති සහ අගමැති අතර සාකච්ඡාවක්

මතභේදාත්මක තත්ත්වයකට පත්ව තිබෙන උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කර ඇත.

ඒ අනුව එහි වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ජනාධිපතිතුමා සහ අගමැතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ අතර උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් හානියට පත් ප්‍රදේශයන්හි සමාජ, පාරිසරික, ආර්ථික ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී දැඩි තීන්දු ගැනීමට සිදුවන බව උමාඔය බහු ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය සදහන් කර තිබේ.

අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගියදා කැබිනට් අනු කමිටුවක් ද පත් කරන ලදි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top