ඇමතිකම අතහරින්න සූදානම් – දිගාම්බරම්

palani-thigamparam දිගාම්බරම්සිය අමාත්‍ය ධූරය අතහැරින්න සූදානම් බව කඳුරට නව ගම්මාන හා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි. වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කිරීමට තම අමාත්‍ය ධුරය බාධාවක් නම් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට ද සූදානම් බව හෙතෙම පවසා තිබේ.

හැටන් ප්‍රදේශයේ අද (16) දින පැවැති උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

පසුගිය කාලයේ වෘත්තීය සමිති නායකයින් වතු කම්කරුවන්ට ලබාදුන් පොරොන්දු මේ වන විට ඉටුකිරීමට අපොහොසත් වී ඇති බව හෙතෙම පවසා තිබේ. කෙසේ නමුත් වත්මන් රජය යටතේ ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට තමන් කැපවීමෙන් කටයුතු කරන බව දිගම්බරම් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top