ආසියානු මළල ක්‍රීඩා තරඟාවලියට සහභාගිවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිවයිනට

ඉන්දියාවේ දී පැවති ආසියා මළල ක්‍රීඩා තරගාවලියේ රන් රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් අද උදෑසන දිවයිනට පැමිණියා.

ඔවුන් පිළිගැනීමට ක්‍රිඩා අමාත්‍යංශ නිලධාරීන් සහ මළල ක්‍රීඩා නිලධාරීන් ඇතුලු පිරිසක් පැමිණ සිටියා. ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top