නව යුද්ධ හමුදාධිපති ජනාධිපතිතුමන් හමුවේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් ‍ මහේෂ් සේනානායක නව තනතුරේ රාජකාරි භාරගැනීමෙන් පසු ඊයේ (11) දින උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

මෙම හමුවේදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින්, යුද්ධ හමුදා මුලස්ථානයේ පැවති 300 දෙනෙකුට වැඩි ජ්‍යෙෂ්ඨ නිලධාරි හමුවකදි යුද්ධ හමුදාවේ ඉදිරි කටයුතු පිළිබඳ තම දැක්ම ඉදිරිපත් කළ බවත්, රටේ හී සංවර්ධන කටයුතු සඳහා යුද්ධ හමුදාවේ උපරිම දායකත්වය ලබාදීම පිළිබඳවත් අතිගරු ජනාධිපතිතුමා දැනුවත් කරන ලදී.

ජාතික සමගිය, ජාතික සංහිඳියාව සහ සමාජයේ වේගවත් ලෙස වෙනස්වන සමාජ ප්‍රතීසංස්කරණයන් සම්බන්ධව පවත්නා ගැටළු සහ සංවර්ධන ප්‍රයත්න්‍යන් සඳහා යුද්ධ හමුදාව නව්‍යකරණය කිරීම වෙනුවෙන් සිදු කළ යුතු ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳවද යුද හමුදාපතිවරයා එහිදී සිය අභිප්‍රායන් පළ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top