ඩෙංගු පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වාර්තාවක්

මෙරට ඩෙංගු මදුරු ගහනය පාලනය කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත භාර දී අැති බව වාර්තා වේ.

ඉන්දියාව, නේපාලය, ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරන වෛද්‍යවරුන් සිව් දෙනෙකු මෙම වාර්තාව සකස් කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර අැති අතර ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගය පැතිර යාමත් සමඟ ප්‍රතිකාර සේවාවන් නිසි ලෙස දියත් කර අැති බවත් ඩෙංගු මරණ ප්‍රමාණය පාලනය කිරීම යහපත් ලක්ෂණයක් බවත් එම වාර්තාව තුළ සදහන්ව අැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top