පලයි ප්‍රදේශයේ සිඳුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්‍ෂයට

පලයි – දර්මකේනි ප්‍රදේශයේ අද (12) පෙරවරුවේ සිඳුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. වැල්වටිතුරයි ප්‍රදේශයේ පදිංචි වී. රාජ්කුමාර් (වයස 18) නැමැති තරුණයා සිද්ධිය ස්ථානයේදීම මිය ගොස් තිබේ.

යාපනයේ සිට කිලිනොච්චිය බලා ගමන් කළ යතුරු පැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ අසල කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. සිද්ධිය සම්බන්‍ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top