තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්‍ධ හිටපු නාවික හමුදා ප්‍රකාශක දසනායක 19 වනදා තෙක් රිමාන්ඩ්

2007 වසරේදී තරුණයින් 11 දෙනෙකු පැහරගෙන යාම සහ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී අැති හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ජූලි 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (14) නියෝග කර අැත.

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා පසුගිය2 (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර ඔහු අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය විසින් ඉහත නියෝගය ලබා දී අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top