ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සැලසුම් සහගතව වදහිංසාවට ලක්වෙනවා

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සැලසුම් සහගතව වදහිංසාවලට ලක්වන බව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණත්වය උදෙසා වූ සංවිධානයේ ප්‍රධානී යස්මින් සූකා මහත්මිය පවසයි. නව රජය ධූරයට පත්වී මාස 30ක් අවසන්වූ නමුත් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ඇය පවසා තිබේ.

හමුදා කඳවුරුවල වදහිංසාව, ආගමන දූෂණ ක්‍රියාවන්, නීතිවිරෝධි මිනිස් ජාවාරම්, කප්පම් ගැනීම වැනි දැය සිදුවන බව ඇය චෝදනා කර තිබේ. ශ්‍රී ලංකාව තුල තවඳුරටත් සුදු වෑන්විලින් පැහැරගෙන යෑමේ සිද්ධින් සිදුවන බවත් අපරාධකරුවන්ට මෙතෙක් දඞුවම් ලබාදී නොමැති බවද ඇය සදහන් කර තිබේ.

දෙමළ ජනතාවට වදහිංසා කිරීම ආදායම් ලාභී ව්‍යාපාරයක් බවට පත්වී ඇතැයි ඇය පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top