පුන්කුඩුතිව් විද්‍යා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකුට පැනයන්න උදව් කළ පොලිස් නිළධාරියා අත්අඩංගුවට

2015 වසරේ යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර්ට රැකවරණය දීම සහ පැන යෑමට ආධාර අනුබල දුන්නැයි චෝදනාවට සැකපිට මධ්‍යම සහ ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා අද (15)රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කරයි.

සහාසිකයන් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කරන ලද විද්‍යා දැරිය මිය යන විට 18 හැවිරිදි වියේ පසුවිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top