නීති විරෝධී ලෙස ධීවරය කටයුතුවල යෙදුනු 6ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනිමට නාවික හමුදාව සමත්වුණා.වයඹ නාවික විධායනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සිදුකළ මෙහෙයුමකදීයි මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් කල්පිටිය, කිලිතිව් සහ නෙදුන්තිව් මුහුදු ප්‍රදේශවල තහනම් දැල් යොදාගනිමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි බවයි වාර්තාවන්නේ.  එම කටයුතු සදහා යොදා ගත් ඩිංගි යාත්‍රා තුනක් සහ දැල් ආම්පන්න ඇතුළු උපකරණ කිහිපයක් ද අත්අඩංගුවට ගැනුණා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top