මුල්ලතිව් ප්‍රදේශයේ කැලෑ විනාශ කරමින් සැලසුම් සහගත පදිංචි කිරීම්වලට එරෙහිව විරෝධතාවක්!

මුල්ලතිව් දිස්ත්‍රික්කයේ කැලෑ විනාශ කරමින් එහි සැලසුම් සහගතව ජනවාස ඉදිකිරීමේ කටයුත්තට විරෝධය පළ කරමින් අද (16) දින විරෝධතාවක් පවත්වා තිබේ.

මුල්ලතිව් දිස්ත්‍රික්කයේ කූලාමුරිප්පු ප්‍රදේශයෙහි අක්කර 177ක කැලෑවක් විනාශ කර එහි ජනාවාස ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි පවසා මෙම විරෝධතාවය පවත්වා තිබේ. මුල්ලතිව් මුල්ලියවලයි කාට්ටා විනායකර් කෝවිල ඉදිරිපිට සිට කුලාමුරිප්පු දක්වා පාගමනින් ගොස් සිය විරෝධතාවය පළ කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top