අපි බලාපොරොත්තු වූ තරම් කිසිවක් සිදුවුයේ නැහැ – සම්බන්‍ධන්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්‍ධයෙන් රජය සුළු වැඩ කොටසක් සිදුකර තිබේ. නමුත් අපි බලාපොරොත්තු වූ තරමට කිසිවක් සිදු නොවූ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසා තිබේ.

රජය කඩිනමින් ක්‍රියා කළ යුතුයි. ජාතික ප්‍රශ්ණයට ස්ථීර දේශපාලන විසඳුමක් ඉදිරිපත් කළ යුතුයි. පසුගිය රජය වැරදි මාවතක ගිය හෙයින් රටේ සියළු ජාතින්ම එක්වී ආණ්ඩු වෙනසක් ඇති කළේය. උතුර නැගෙනහිර දෙමළ ජනතාවගේ දෛනික ගැටළුවලට විසඳුමක් ලැබී නොමැති හෙයින් විරෝධතා පවත්වති. ඉඩම් සුළු ප්‍රමාණයක් නිදහස් කර තිබෙන නමුත්, දේශපාලන සිරකරුවන් පිළිබඳව අපි ඉල්ලා සිටි කිසිවක් සිදුවී නැහැ.

අතුරුදන්වූවන් පිළිබඳ කාර්‍යාලය මෙතෙක් පිහිටුවා නැහැ, උතුර නැගෙනහිර ජනතාව විසින් පවත්වාගෙන යන විරෝධතා ඉතා සාධාරණීයයි. රජය මෙය අවබෝධ කරගෙන ජනතාවගේ ප්‍රශ්ණවලට කඩිනමින් විසඳුම් ලබාදිය යුතු යැයි සම්බන්‍ධන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top