මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියට මුල්ගල තැබීම ලබන මස 21වැනිදාට

මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම් බවත් ව්‍යාපෘතිය සඳහා ලබන මස 21 දා මුල්ගල තැබිමට නියමිත බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

මල්වතුඔය ජලාශය ඉදිකිරීමට යෝජිත ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවකට පසුගියදා එක්වෙමින් වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. ව්‍යාපෘතිය සඳහා සමස්ත ඇස්තමේන්තුව රුපියල් මිලියන 13 දහසක් වන අතර, මේ වසරේදී එයට මිලියන 300ක මුදලක් වැය කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය මඟින් අක්කර අඩි (166416)ක ජල ධාරිතාවක් එක්රැස් කිරීමට අපේක්‍ෂා කරන අතර, කුඹුරු අක්කර 36 000 ට යල මහ දෙකන්නෙහිම ජලය සැපයීමත් නව වගා බිම් අක්කර 2,000 ක් ඇති කිරීමත් මෙහි මූලික අරමුණුවේ. තවද ව්‍යාපෘතියට සමගාමීව ජල විදුලි බලාගාරයක් ඉදි කෙරෙන අතර එමගින් ගිගාවොට් 400 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top