පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ රජයේ කටයුතු අවසන් – ජනපති

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ රජයේ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කසල කළමණාකරණය සහ ඩෙංගු උවදුර මැඩලීම සඳහා පළාත් පාලන ආයතනවල සැළසුම් සකස් කිරීම වෙනුවෙන් කොළඹ පදනම් ආයතනයේ අද (17) පැවති වැඩමුළුවට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ රෙගුලාසි සම්මත කර ගැනීම සඳහා එම පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top