නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම සයිටම් ප්‍රශ්ණයට විසඳුමක් නොවේ

මාලඹේ සයටම් ආයතනයට සම්බන්ධ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගැනීම විසදුමක් නොවන බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධි මධ්‍යස්ථානය විසින් අද (17) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී පෙන්වාදී තිබේ.

සයිටම් ආයතනය අහෝසි කිරීමෙන් තොරව ගෙනෙන මෙම විසදුම් ව්‍යාජ විසදුමක් බවත් මෙයට එරෙහිව අනෙකුත් සියලු වෘත්තිය සමිතීන් එක්කරගනිමින් වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන ඔවුන් පවසා තිබේ.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඇතුළු සෞක්‍ය සේවයේ වෘත්තීය සමිති නායකයින් පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top