දුම් රහිත දුම්කොළ නිෂ්පාදන තහනම් කිරීමට පියවර ගැනේ..

දුම් රහිත දුම්කොළ නිෂ්පාදන තහනම් කරමින් 2006 අංක 27 දරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත අනුව ශ්‍රී ලංකාවේ තහනම් දුම්කොළ නිෂ්පාදන පිළිබඳ නියෝගය (2016 අංක 01 දරන) පැනවීමට දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් කටයුතු කර ඇත.

මෙම රෙගුලාසිය අනුව කිසිම තැනැත්තෙකු විසින් උපලේඛනවල සඳහන් කර ඇති දුම්කොළ නිෂ්පාදනයක් හෝ දුම්කොළ අඩංගු දුම්රහිත දුම්කොළ නිෂ්පාදනයක් හෝ මිශ්‍රණයක් හෝ යම් පැණිරස ගන්වන ලද හෝ වර්ණ ගන්වන ලද හෝ රසගන්වන ලද දුම්කොළ අඩංගු සිගරට්ටුවක් හෝ යම් දුම්කොළ අඩංගු ඉලෙක්ට්‍රෝනික සිගරට්ටුවක් නිෂ්පාදනය, ආනයනය, විකිණීම හෝ විකිණීමට ඉදිරිපත් කිරීම සිදු නොකළ යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top