ඩෙංගු මර්දනය සඳහා ඕස්ට්‍රේලියාවෙන් ආධාර

ඩෙංගු මර්දනය සඳහා ශ්‍රී ලංකාවට ආධාර කරන බව ඕස්ට්‍රේලියාව නිවේදනය කර ඇත.

එරට විදේශ අමාත්‍යවරිය මේ සතියේ දී ශ්‍රී ලංකාවේ සිදු කිරීමට නියමිත චාරිකාව අතරතුර, ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත මේ බව දැනුම් දීමට නියමිතය.

ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය ජුලී බිෂොප් මහත්මිය මේ සතියේ දී ශ්‍රී ලංකාවේ චාරිකා කිරීමට නියමිත බව ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යාංශය අද (18) නිවේදනය කරන ලදි.

එහිදී ඇය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු ඉහළ පෙළේ දේශපාලන නියෝජිතයන් හමුවී සාකච්ජා කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top