විවියන් බාලක්‍රිෂ්ණන් සම්බන්‍ධන්ව හමුවෙයි..

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය වී. බාලක්‍රිෂ්ණන් මහතා අද (18) දින දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා හමුවී සාකච්ඡා කර තිබේ. අද පස්වරුවේ පැය එකහමාරක පමණ කාලයක් මෙම සාකච්ඡා පැවැත්වුණි.

සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය වී. බාලක්‍රිෂ්ණන් මහතා නිල සංචාරයක් සඳහා ඊයේ (17) දිවයිනට පැමිණි ඒ මහතා ලබන 21දා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

2 thoughts on “විවියන් බාලක්‍රිෂ්ණන් සම්බන්‍ධන්ව හමුවෙයි..”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top