ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් විමල් ඇතුළු පහක් ඉවත් වෙයි..

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 05 දෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉකුත් පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ වැද ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු අද (19) පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතාට මේ බව ලිඛිතව දැනුම්දී ඇත.

පක්ෂයේ නායක විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, නිරෝෂන් ප්‍රේමරත්න සහ පද්ම උදයශාන්ත ගුණසේකර යන මහත්වරුන් මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත්වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top