ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 14 වන සමුළුව මෙවර ශ්‍රී ලංකාවේදී උත්කර්ශවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් එම මෙහෙයුම් කමිටුවේ සභාපතීත්වය දරන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රධානත්වයෙන් ඊයේ (19) අපේගම පරිශ්‍රයේදී පැවැත්විණි.
ඔක්තෝබර් මස 27 දින සිට 30 දින දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මහනුවර පල්ලෙකැලේ පළාත් සභා සම්මන්ත්‍රණ ශාලාව සහ ගලේවෙල මිල්ලවාන මහ විදුහල යන ස්ථානවල මෙම සමුළුව පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ. සමුළුවේ සමාප්ති උත්සවය ගලේවෙල මිල්ලවාන මහ විදුහලේ දී ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර තිබේ.