යාපනය විශව විද්‍යාලයේ සිසුන් පිරිසක් පන්ති වර්ජනයක

යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍ය අංශ සිසුන් පිරිසක් පන්ති වර්ජනයක් ආරම්භ කර තිබේ.

විශ්වවිද්‍යාලයේ සිසුන් අට දෙනෙකුට පනවා ඇති පන්ති තහනම ඉවත් කරන ලෙස පාලනාධිකාරියට බලකරමින් අද පෙරවරුවේ සිට ඔවුන් පන්ති වර්ජනයක නිරත වන බව වාර්තාවේ.

පසුගිය මස විශ්වවිද්‍යාලයට පැමිණි නවක සිසුන් පිරිසකට නවක වදය ලබා දීම සහ පහර දීම සම්බන්ධයෙන් චෝදනා කරමින් සිසුන් අට දෙනෙකුගේ පන්ති තහනම් කරන ලද අතර ඒ සම්බන්ධයෙන් යාපනය පොලිසිය විසින් සිදුකරන ලද පරීක්ෂණයෙන් පසු අදාළ ගැටළුව සමථයකට පත්කර ගැනීමට දෙපාර්ශ්වයම එකඟ වී ඇත. එසේ තිබියදීත් මෙම පන්ති තහනම තවමත් ක්‍රියාත්මක කිරීම දැඩි අසාධාරණයක් බව එම සිසුන් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top